Ads 468x60px

home

Friday 31 January 2014

169.නොදන්න E - Bay ගැන දන්නා සිංහලෙන් මුල සිට සරලව​- 3ලංකාවෙ අපිට eBay ගණුදෙනු කළ හැකි පහසුම මග Sampath Webcard



නොදන්න E - Bay ගැන දන්නා සිංහලෙන් මුල සිට සරලව​- 3 ලංකාවෙ අපිට eBay ගණුදෙනු කළ හැකි පහසුම මග Sampath Webcard 






ඉතින් යාලුවනේ e bayපාඩම් මාලාවේ තුන්වෙනි ලිපිය තමයි අද ඔයාලට දෙන්නේ මුල් ලිපි දෙකම ඔයාලා කියවන්න ඇතිනේ කියවපු නැතිකෙනෙක් ඉන්නවනම් පහලින් ගිහින් ඒ දෙකම බලාගන්නකෝ.



1- ලිපිය​, සහ 2- ලිපිය සදාහා මම හිතපු නැතිතරන් ප්‍රතිචාරයක් තිබුනා  ඒ ගැන ඇත්තටම මට සතුටුයි.  


අද මං කියන්න හදන්නෙ අපිට අත්‍යවශ්‍ය තෙවෙනි කාරණය ගැන.
දන්නවනෙ අද හැම බැංකුවකම වගේ ATM කාඩ්පත් සේවය තියෙනවා. Credit card, Debit card වගේ එක එක විදියෙ සේවා සඳහා මෙම කාඩ්පත් භාවිතා වෙනවා. අන්තර්ජාතිකව ගණුදෙනු කළ හැකි Visa, Master Card සහ American Express යන ප්‍රවර්ග යටතටත් මේ කාඩ්පත් වර්ගීකරණය වෙනවා. මෙවැනි ඕනෑම කාඩ්පතකින් අන්තර්ජාතික ගණුදෙනු කිරීමේ හැකියාව තිබුණත් මේ හැම කාඩ්පතකින්ම අන්තර්ජාලීය ගණුදෙනු කිරීමේ හැකියාවක් නෑ. එම හැකියාව ඇත්තෙ මෙම කාඩ්පත් වලින් කීපයකට පමණයි.

අනිත් කාරණේ තමයි සාමාන්‍ය Credit හෝ Debit කාඩ්පතක් හෝ ලබාගන්න තමන්ගෙ ආදයම් වාර්තා බැංකුවට ඉදිරිපත් කරන්න වෙනවා. ඉතිං ඕක රැකියාවල නිරත වෙන අයට නම් ගැටළුවක් නොවුනට තවම රැකියා නොකරන අපි වගේ අයට නම් ලොකු ගැටළුවක්. මේ හැම ගැටළුවකටම එකම විසඳුම තමයි සම්පත් බැංකුව මගින් ලබාදෙන සම්පත් Webcard. 




මං හිතන්නෙ ගොඩක් අය මේ සම්පත් Webcard එක ගැන දන්නෙ නෑ. ඉතිං මේ ගැන මුකුත්ම නොදන්න අයටත් දැනගන්නත් එක්ක අපි මුලින්ම මේ සම්පත් Webcard ගැන පුංචි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා ඉමු. [මේවට තමයි කියන්නෙ නිති අසන පැණ (FAQ) කියලා. ]


සම්පත් Webcard කියන්නෙ මොකක්ද?

සම්පත් Webcard කියන්නෙ අන්තර්ජාලීය මුදල් ගණුදෙනු සඳහාම කැපවුනු top up කළ හැකි පෙර ගෙවුම් VISA කාඩ්පතක්. පෙරගෙවුම් කාඩ්පතක් නිසා අන්තර්ජාලීය ගණුදෙනු කිරීමේදී ඇතිවන අවදානම අඩුයි.

මෙය ලබාගන්න පුළුවන් කාටද?

අවු.18ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික‍ පුරවැසියෙකුට මෙය ලබාගන්න පුළුවන්. (පෙරගෙවුම් කාඩ්පතක් නිසා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍යයත් නෑ.)

කාඩ්පත ලබාගැනීමේදී එහි තිබෙන ආරම්භක ශේෂය කුමක්ද?

රු.2500, 5000, 7500 හෝ 10000 ක ආරම්භක ශේෂයන්ගෙන් යුතු කාඩ්පත් ලබාගන්න පුළුවන්.

 කාඩ්පත ලබාගැනීමට සම්පත් බැංකුවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍යද?
අත්‍යවශ්‍ය නෑ

කාඩ්පත ලබාගැනීමේදී ගෙවිය යුතු ගාස්තු මොනවාද?

සම්පත් බැංකුවෙ ගිණුමක් තියෙනවානම් රු.300ක් හෝ සම්පත් බැංකුවෙ ගිණුමක් නැත්නම් රු.500ක් වර්ෂ 2ක් සඳහා කාඩ්පත් ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවෙනවා.

අඩුම මුදලකින් මෙය ලබාගැනීමට ගෙවිය යුතු මුළු මුදල කොපමණද?

සම්පත් ගිණුම් හිමියෙක් නම් රු.2800 යි. (2500+300)
සම්පත් ගිණුම් හිමියෙක් නොවේ නම් රු.3000 යි. (2500+500)

ශේෂය අඩුවෙන කොට කාඩ්පත top up කරන්නෙ කොහොමද?

ක්‍රම දෙකකින් පුළුවන්. ඔබට සම්පත් බැංකුවෙ ගිණුමක් තියෙනවානම් ඒ ගිණුමේ සිට කාඩ්පතට මුදල් හුවමාරුවක් කරගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය මුදල් තැම්පතුවක් කිරීම මගින් top up කරගන්න පුළුවන්.

Top up කළ හැකි අවම මුදල කොපමණද?

එහෙම අවුලක් නෑ. කැමති ගාණක් top up කරන්න පුළුවන්.

මෙමගින් ගෙවීම් කළ හැක්කෙ eBay ගණුදෙනු සඳහා පමණද?

නෑ. මෙමගින් අන්තර්ජාලය තුළ ඕනෑම මුදල් ගණුදෙනුවක් කරන්න පුළුවන්. (හැබැයි සාමාන්‍ය credit/debit card පතකින් කරන ගණුදෙනු කරන්න බෑ.)

කාඩ්පතින් ගණුදෙනු කළ පසු එහි ශේෂය දැනගන්නෙ කොහොමද?

0112300604 යන අංකයෙන් Sampath Card Centre ඇමතීමෙන් ඕනෑම වෙලාවක ඔබට ශේෂය විමසා දැනගන්න පුළුවන්.

කාඩ්පතට අයදුම් කරන්නෙ කොහොමද?

ඕනෑම සම්පත් බැංකු ශාකාවකට ගොස් සම්පත් Webcard සඳහා වන අයදුම් පත්‍රය පුරවා මුදල් සමඟ භාරදීමෙන් මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. (අයදුම් පත්‍රය මෙතැනින් බාගැනීමටද පුළුවන්)


කාඩ්පත ලැබෙන්න කොපමණ කල් යනවද?

කාඩ්පත ඔබේ ලිපිනයට ගෙන්වාගැනීමට අයදුම් කළහොත් සති 2ක් පමණ කල් ගතවෙන්න පුළුවන්. කාඩ්පත ලඟම ඇති බැංකු ශාකාවට ගෙන්වාගැනීමට අයදුම් කළහොත් සතියකින් වගේ ගෙන්වාගන්න පුළුවන්.

වඩා පහසු කාඩ්පත පෞද්ගලික ලිපිනයට ගෙන්වා ගැනීමද? ලඟම ඇති බැංකු ශාකාවට ගෙන්වා ගැනීමද?

ලඟම ඇති බැංකු ශාඛාවට ගෙන්වා ගැනීම පහසුයි. මොකද මේ කාඩ්පත සමඟ එන ලියවිල්ල අත්සන් කරලා නැවත අපි card centre එක වෙත යැවිය යුතුයි. කාඩ්පත සක්‍රීය කරන්නෙ එවිටයි. කාඩ්පත ගෙදරට ගෙන්වා ගත්තොත් එම ලියවිල්ල අත්සන් කරලා අපිටම නැවත තැපැල් කරන්න වෙනවා. නමුත් බැංකු ශාකාවට ගෙන්වා ගත්තොත් බැංකුව අපෙන් අත්සන අරගෙන එම ලියවිල්ල ඔවුන් විසින් card centre එක වෙත යවනවා. එය වඩා පහසුයි.


Webcard එක ලැබුණු පසු එය PayPal ගිණුමට link කරන්නෙ කොහොමද?
(ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න)

තව විස්තර ඕනනම් මෙතනින් ගිහින් බලාගන්න​.


 අද ලිපිය හිතුවට වඩා දිග වැඩි උනා. Webcard එක PayPal එකට link කරන විදිය screen shots ටිකක් එකකම ටිකක් සවිස්තරාත්මකව කියන්න ඕනෙ. ඉතිං ඒක ඊළඟ ලිපියෙන්ම කියන්නම්. කොහොමත් දැන් webcard එකට apply කරාම ඕක එන්න අඩුමගානෙ සතියක්වත් යනවනෙ. ඊට කලින් මං link කරන විදිය ගැන ලිපිය පළ කරන්නම්. එහෙනම් ඔන්න සඳුදා උදෙන්ම ළඟම තියෙන සම්පත් බැංකුවට දුවලා ගිහින් Webcard form එකක් ඉල්ලගෙන පුරවලා සල්ලිත් එක්ක බාරදෙන්න. 

මම හිතුවේ මේ ලිපි මාලාව ඉක්මනින්ම අවසන් කරලා අලුත් පාඩමක් ආරම්භකරන්න​.ඒත් මේකේ තව කියල දෙන්න ගොඩක් තියනවා ඉක්මනට ඉතුරු ලිපි ට්කත් ඵලකරන්නම්.
එහෙනම් මම ගියා .........

සදා ජය​...........


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දගෙනම යන්න​.


 
-