Ads 468x60px

home

Monday 14 April 2014

265.Computer Hardware පාඩම 01


Computer Hardware පාඩම 01





යාලුවනේ ඔන්න අද ඉදන් අපි අලුත් පාඩම් මාලාවක් ඉදිරිපත් කරනවා.අප මිට කලින් ඉදිරිපත් කල පාඩම් මාලාව තමයි නොදන්න 
e-bayගැන දන්නා සිංහලෙන් මුල සිට සරලව​,මේ ලිපි පෙලටත් හොද ඉල්ලුමක් තිබුනා.අද ඉදන් අපි ලියන්නේ Computer Hardware පාඩම ,මේ ලිපි මාලාවට  අමතරව පුරුදු පරිදි අනෙකුත් ලිපි ඵල කරනවා. මම හිතනවා නොදන්න  ගැන දන්නා සිංහලෙන් මුල සිට සරලව වගේම මේ ලිපෙලත් අවසන් වනකොට ඔයාහොදම වැඩ්ඩේක් වෙයි කියලා. මේකත් කොටස් කිහිපයකින් සමන් විත වෙනවා.ඵලමු කොටසට අදාල පාඩම් ට්ක තමයි මුලින් දෙන්නේ.

Computer Hardware ඉගෙන ගන්න පෙර.
.
පරිගනකයක් භාවිතයේ කොටස් 3ක් ගැන අපි කතා කරනවා.

Computer Hardware 
Software
Live-ware

මෙහිදි Computer Hardware යනු  පරිගනකයේ භෞතික දේ.  මේවා අතර සක්‍රිය මෙන්ම අක්‍රිය කොටස්ද පවතිනවා. අපි මේ ලිපි පෙළ ලියන්නේ එම Computer Hardware එකලස් කිරීම, නඩත්තුව හා අළුත්වැඩියා කිරිම ගැන කතා කරන්නයි. එනිසාම මෙම ලිපි මාලාව ගොඩක් දිග, කාලයක් ලියවෙන ලිපි පෙලක් වෙනවා.
Software යනු පරිගනකයේ ස්ථාපනය කර ඇති Operating system, Application software (උදා. Microsoft Office, Open Office, Firefox, Games), Anti-virus software ආදියයි. 
Live-ware යනු පරිගනකය භාවිතා කරන්නාය.



Computer Hardware ඉගෙන ගැනීමට පෙර සපුරාගත යුතු අවශ්‍යතා කීපයක්ම තියනවා. 
සාමාන්‍යෙයන් Software සම්බන්ධ පාඨමාලා හදාරන්න කිසිම Computer Hardware දැනුමක් නැතිව කරන්න පුළුවන්. නමුත් Computer Hardware ගැන ඉගෙන ගැනීමේදී අනිවාර්යයෙන්ම Software ගැන අවබෝධයක් තියෙන්නම ඕන. මෙහිදී මම අදහස් කරන්නේ Software development ගැන නොවේ. Operating system, Application software, Anti-virus software ආදී දේ පිළිබඳව හා ඒවා ස්ථාපනය කිරීම පිළබඳවයි. මේවා හැසීරවීමේ අවබෝධය නැතිව ඒවා අදාල පරිගනකය තුල ස්ථාපනය කරන්න බෑනේ.

පරිගනක කාර්මිකයෙකු සතු වියයුතු තවත් ගුනාංගයක් වන්නේ හොඳ ඉවසීමක් තියෙන්න ඕන. නැතිනම් ටික කලකින්ම මෙය අතහැර දමන්න හිතෙනවා. ඒ ඇතැම් අවස්ථාවල පැය ගණන් තිරය දෙස බලාහිඳිමින් දෝෂ සෙවීමට, Software install කරන්න සිදුවෙන නිසා. මෙහි ඇති ඉතා සියුම් උපාංග නිසා හොඳ ඇස් පෙනීමක් තියෙන්න ඕන. උපැස් භාවිතා කිරීමේ ගැටළුවක් නැත. තමන්ගේ බුද්ධි මට්ටමත් හොඳ කාර්මිකයෙකු වන්න හේතු වෙනවා. හොඳින් දක්‍ෂ ලෙස ඇඟිලි තුඩු හැසිරවීමට හැකිනම් එයත් මෙම කාර්යයට ලොකු පිටිවහලක් වෙනවා. ඒසේ නොමැති අයට ව්‍යායාම මගින් එය දියුණ කරගන්න පුළුවන්. මීට අමතරව වෙනත් ඕනෑම කාර්යයකදී මෙන්ම ලොකු කැපවීමක් කරන්න වෙනවා මෙම ක්‍ෂේත්‍රෙය්ද හොඳ දියුණුවක් ලබන්නට.

දැන් ඔය අවශ්‍යතා සම්පූර්ණ කල අය මාත් එක්ක මේ පාඩම කරන් ඉදිරියට යනවා. නෑ ඇත්තෙන්ම එහෙම හිතන්න එපා. අනෙක් අයටත් උවමනාව ඇතිනම් මෙම අවශ්‍යතා සපුරන්න පුළුවන්. නැතත් මේවා ලියන්නේ කියවන හැම දෙනාම පරිගනක කාර්මිකයින් කරන්න නොවේ. එසේ නොවන අයටත් අපි හැමදාම සමහරවිට උදේ සිට රෑ නිදියන මොහොත දක්වාම අපත් සමග අපේ කටයුතු පහසු කරන පරිගනකයේ ඇතුලේ ඇත්තේ මොනවාද? ඒවා සවිකලේ කෙහොමද? ඒවා නඩත්තු වන්නේ කෙසේද? සුළු හෝ අළුත්වැඩියාවක් කරගන්න පුළුවන් ද කියා දැන ගන්න පුළුවන්නේ. අවම වශයෙන් එන දෝෂ දන්නවානම් ඒවාට හේතු දන්නවානම්, ඒවා ඇති නොවන සේ භාවිතා කරන්න පුළුවන්නේ. 

දැන් බලමු මේ සඳහා ඇති වෙනත් අවශ්‍යතාවයන් මොනවාද කියා. 
මේ සඳහා වෙනම කාමරයක් නැතිනම් අවම වශයෙන් වෙනම මේසයක් අවශ්‍ය වෙනවා. එම ස්ථානයේ පැවතිය යුතු දේ අතර හොඳ වාතාශ්‍රයක්, ජල කරාමයක් හා සින්ක් එකක්, ප්‍රථමාධාර කට්ටලයක් වැනි දේ පවා ඇතුලත් විය යුතු බවයි මගේ මතය. මේ මොන දේ ඇතත් නිසි ප්‍රමිතියේ ආයුධ කට්ටලයක් හා වෙනත් උපකරණ ගණනාවක් අවශ්‍ය වෙනවා. එහෙත් ඒවා දැනට අපි ලඟ නැතත් මේ වැඩේ තියන දේයින් කළමනාකරණය කරගන්න උනන්දුව ඇති දක්‍ෂෙයකුට අපහසු වෙයි කියා හිතන්නේ නෑ. එහෙමනම් මෙම ලිපි පෙලේ මීළඟ ලිපියට ඉඩ තබමින් අදට යන්නම්.


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-