Ads 468x60px

home

Sunday 23 March 2014

230.නොදන්න eBay ගැන දන්නා සිංහලෙන් මුල සිට සරලව​-7 eBay සම්බන්ධ TAX පිළිබඳ ගැටළු සහ Mobile Phones, GPS ගෙන්වීම පිළිබඳ ගැටළු


නොදන්න eBay ගැන දන්නා සිංහලෙන් මුල සිට සරලව​-7 eBay සම්බන්ධ TAX පිළිබඳ ගැටළු සහ Mobile Phones, GPS ගෙන්වීම පිළිබඳ ගැටළු 




ඉතින් යාලුවනේ e bayපාඩම් මාලාවේ හත්වැනි ලිපිය තමයි අද ඔයාලට දෙන්නේ මුල් ලිපි හය  ඔයාලා කියවන්න ඇතිනේ කියවපු නැතිකෙනෙක් ඉන්නවනම් පහලින් ගිහින් ඒ හය   බලාගන්නකෝ.









eBay ගැන පළවෙනි ලිපිය ලියද්දි මං හිතුවෙ අපේ කට්ටියට බය තියෙන්නෙ ඔය අන්තර්ජාලය හරහා ඇණවුම් කරන භාණ්ඩ අපේ ගෙදරටම, අපේ අතටම ලැබෙයිද නැත්තං වියදම් කරපු සල්ලි ටික නාස්ති වෙයිද කියන එක ගැන විතරයි කියලා. ඉතිං කොහොමහරි මේ වෙනකොට ඔයාලගේ එහෙම බයක් සැකයක්නැ කියල මම දන්න වා මොකද ඒ තරමට මට ප්‍රතිචාර ලැබුන නිසා. . මෙන්ම බොලේ ඒ පාර දැන් කට්ට‍ය ආයෙමත් සැරයක් බය වෙලා TAX වලට.  හුඟ දෙනෙක් ප්‍රතිචාර එක් කරනවා, පණිවිඩ එවනවා මේක ගත්තොත් කොච්චර tax වදීද අරක ගත්තොත් කොච්චර tax වදීද කියලා. ඉතිං මං හිතුවා මේ tax ගැන තියෙන ඔය බොරු බය නැති කරන්නත් දැන් කාලෙ හරි කියලා.


දැන් අපි අපිට eBay සම්බන්ධව Tax පිළිබඳ තිබෙන ගැටළු සහ eBay වෙතින් ජංගම දුරකථන, GPS උපකරණ ගෙන්වීම පිළිබඳ තිබෙන ගැටළු එකින් එක සාකච්ඡා කරමු.


eBay වෙතින් ගෙන්වන සෑම භාණ්ඩයකටම අපිට තීරු බදු (tax) ගෙවීමට සිදුවෙනවද?

කොහෙත්ම නැහැ. බදු ගෙවිය යුත්තේ ඇතැම් භාණ්ඩ සඳහා පමණයි.

තීරු බදු නොගෙවා අපිට භාණ්ඩ ලැබෙන්නෙ කොහොමද?

eBay වෙතින් ඔබ ගෙන්වන සෑම භාණ්ඩයක් සමඟම Customs Declaration නමින් තොරතුරු කීපයක් seller විසින් සැපයෙනවා. (මේ තොරතුරු බොහෝවිට මුද්‍රණය කර තිබෙන්නෙ ඔබට භාණ්ඩය ලැබෙන ලියුම් කවරයෙයි.) මේ තොරතුරු වැදගත් වෙන්නෙ භාණ්ඩය අපේ රටට ආ පසු එය අපේ රේගුවෙන් නිදහස් කිරීමට. බොහෝ sellersලා මෙම Customs Declaration එකෙහි ඔබේ භාණ්ඩය නම් කරන්නෙ Gift Item එකක් හෝ Commercial Sample එකක් ලෙස. මේ නිසා බොහෝවිට ඔබෙන් බදු අයවීමක් සිදුවන්නෙ නෑ. නමුත් එලෙස නම් කර තිබුණත් භාණ්ඩයේ  ප්‍රමාණය සහ වටිනාකම මත ඇතැම් විට බදු ගෙවීමට සිදුවෙන්න පුළුවන්.



 භාණ්ඩයක් ලැබුණු ලියුම් කවරයක මුද්‍රණය කර ඇති Customs Declaration එකක්

බදු අයවෙන්නෙ මොන වගේ භාණ්ඩ වලටද?

සාමාන්‍යයෙන් වටිනාකමින් වැඩි භාණ්ඩ සහ ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ සඳහා බදු අයවීමට ඇති ඉඩ කඩ වැඩියි. නමුත් එය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස්. ප්‍රමාණයෙන් ඉතා කුඩා භාණ්ඩ (Processor වැනි) වටිනාකමින් වැඩි උනත් බදු ගෙවීමට සිදුනොවෙන්න පුළුවන්. එමෙන්ම ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ (Laptop Backpack වැනි) වටිනාකමින් කුඩා නම් ඒත් බදු අය‍ නොවෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ මේ භාණ්ඩ වලට අනිවාර්යයෙන්ම බදු අයවෙනවා යයි හරියටම පැවසීමට අපහසුයි.

බදු ගෙවන්න සිදු වුනොත් බදු ලෙස කොපමණ මුදලක් ගෙවිය යුතුද?

මෙය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස්. එක් එක් භාණ්ඩය සඳහා ආනයන බදු තීරණය වෙන්නෙ රජය විසින් ඒ ඒ භාණ්ඩ සඳහා පනවා ඇති බදු අනුවයි. එක් එක් භාණ්ඩ සඳහා රජය විසින් පනවා ඇති ආනයන බදු,‍ රේගු වෙබ් අඩිවය හරහා ඔබට දැක බලා ගැනීමටත්, බාගත කරගැනීමටත් පුළුවන්. කෙසේ හෝ මෑතකදි රජය විසින් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සඳහා ආනයන බදු අඩු කිරීමනම් eBay වෙතින් භාණ්ඩ ගෙන්වන අපි කාටත් වාසියක්.

බදු ගෙවන්න සිදු වුනොත් අපි බදු ගෙවන්න ඕනා‍ කොතැනටද?


මෙය තීරණය වෙන්නෙ අපිට භාණ්ඩය ලැබෙන ප්‍රවාහන සේවාව අනුව. අප වෙත භාණ්ඩය ලැබෙන්නෙ සාමාන්‍ය තැපෑලෙන් නම් බොහෝවිට භාණ්ඩය අපේ තැපැල් කාර්යාලය දක්වාම එනවා. එවිට අපි අපේ තැපැල් කාර්යාලයට ගොස් බදු ගෙවා භාණ්ඩය ලබාගත යුතුයි. අප වෙත භාණ්ඩය ලැබෙන්නෙ FedEx, UPS, TNT හෝ DHL වැනි ප්‍රවාහන සේවාවකින් නම් බොහෝ විට භාණ්ඩය ඔවුන්ගේ මෙරට කාර්යාලයක නතර වෙනවා. එවිට අප ගොස් බදු ගෙවිය යුත්තේ ඔවුන්ගෙ එම කාර්යාල වලටයි.



භාණ්ඩය තැපැල් කාර්යාලයේ හෝ ප්‍රවාහන සේවා කාර්යාලයකට පැමිණ නතර වී ඇති බව අපි දැනගන්නෙ කොහොමද?

ඒ පිළිබඳ අපිට තැපෑලෙන් ලිපියක් ලැබෙනවා. භාණ්ඩය ලබා ගැනීමට පැමිණිය යුතු තැන සහ පිරවීමට අවශ්‍ය ලියකියවිලි එම ලිපිය සමඟ අපිට ලැබෙනවා. එවිට අප කළ යුත්තේ එම අදාළ ලියකියවිලි පුරවාගෙන අදාළ තැනට ගොස් බදු මුදල ගෙවා භාණ්ඩය ලබාගැනීමයි.

බදු ගෙවන්න සිදු වුනොත් අපිට පාඩු ලබන්න වෙයිද?

ඔබ දැනටමත් දන්නවා ඇති eBay හී ඇති බොහෝ භාණ්ඩ (විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ) වල මිල මෙරට මිලට වඩා ඉතා අඩු බව. ඉතිං අපිට යම් භාණ්ඩයකට බදු ගෙවීමට සිදු වුනත් බොහෝවිට ඒ බදු මුදල ගෙවීමෙන් පසුත්, භාණ්ඩය සඳහා වියදම් වුනු මුළු මුදල මෙරට මිලට වඩා අඩුයි. ඒ නිසා අපිට පාඩුවක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතාම අඩුයි.

eBay වෙතින් අපිට ජංගම දුරකථන (Mobile Phones) සහ GPS උපකරණ ගෙන්විය හැකිද?

පුළුවන්. eBay වෙතින් අපිට ඕනෑම භාණ්ඩයක් ගෙන්වන්න පුළුවන්.

ජංගම දුරකථන සහ GPS උපකරණ ගෙන්වූ විට ඒ සඳහා TRC වෙතින් අනුමැතිය ගැනීම අත්‍යවශ්‍යද?

ඔව්. ජංගම දුරකථන සහ GPS උපකරණ යනු සන්නිවේදන උපකරණ වර්ග දෙකක්. එම නිසා මෙරටට ගෙන්වන සියලු සන්නිවේදන උපකරණ ගැන අප රටේ විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) දැනුවත් විය යුතුයි. මේ නිසා අපි ගෙන්වන එවන් සන්නිවේදන උපකරණ සඳහා විදුලිසංදේශන නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය අනිවාර්යයෙන් ලබා ගත යුතුයි. (GPS උපකරණ සඳහා ඇතැම්විට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමටද සිදුවීමට පුළුවන්.)

TRC වෙතින් අනුමැතිය ලබාගන්නෙ කොහොමද?

මේ සඳහා ඔබ නාරාහෙන්පිට ඇති විදුලිසංදේශන නියාමන කොමිෂව් සභාවට යා යුතුයි. එහි ගොස් අදාළ පත්‍රිකා පුරවා භාරදීමෙන් විනාඩි 15ක් 20ක් වැනි සුළු කාලයක් ඇතුලත ඔබ‍ට එම අනුමැතිය ලබාගත හැකියි.




මේ ලිපි පෙළ මෙතෙක් දුර ලියාගෙන ආවෙ මෙතෙක් ලියූ හැම ලිපියකටම ඔයාලා හැමෝම ලබාදුන් නොමසුරු ප්‍රතිචාර නිසා. ඉතිං මෙතෙක් කල් ඒ සෑම ලිපියකට ප්‍රතිචාර එක් කළ හැමෝටම මං හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. තව දෙයක් කියන්න ඕන, ඕනම නොදන්න කෙනෙක්ට මේ ලිපි සියල්ලම කියවිම තුලින් ලබාගන්න දැනුමෙන් ඔබට eBay තුල ඔබගේ හැකියාවන් ඉදිරිපත් කිරිමට අවශ්‍ය සියලුම තොරතුරු ලබා ඇත.මේ ලිපි පෙළෙන් ඔයාලා හැමෝම වැඩි වැඩියෙන් ප්‍රයෝජනයක් ලබනවනම් මට ගොඩක් සතුටුයි. එහෙනම් මමගියා ..
සදා ජය​........



ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-